ඇත්තටම මොකක්ද මේ Docker කියන්නෙ?
වර්තමානයේ software industry එකේ ගොඩක් ජනප්‍රිය technology එකක් තමයි Docker කියන්නෙ.අලුතින් industry එකට එන ඕනෑම කෙනෙකුට අවශ්‍ය වෙන platform එකක් කිව්වොත් හරියටම හරි.
ඇත්තටම මොකක්ද මේ Docker කියන්නෙ?
Docker කියන්නෙ දැනට ලෝකෙ තියෙන ප්‍රධානම software container platform එකක්. container එකක් කියන්නෙ කුමන හෝ software එකක් run වෙන්න ඕනි කරන codes, runtime, system tools, system libraries settings වගේ හැමදේම එකතු කරන image එකකට. containers වල විශේෂත්වය තමයි මේවා ඔක්කොම isolated software environments වීම. ඒ කියන්නේ අපි එක container එකක use කරන දේවල් තවත් container එකකට visible නෑ.
මොකක්ද Docker use කරන එකේ වාසිය.
Docker වලින් විසඳන ප්‍රධානම ප්‍රශ්නේ තමයි “It worked on my machine”. ඒ කියන්නෙ project එකක් කොහේ හරි production environment එකකට deploy කරන කොට ඔයාගේ machine එකේ හොදට run උන project එක server එකකට දැම්මට පස්සේ වැඩ කරන්නේ නෑ.
මෙහෙම වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. මොන හේතුව තිබුනත් Docker use කරොත් කිසිම කරදරයක් නැතුව ඔයාගේ project එක foreign environment එකක deploy කරන්න පුළුවන්. තියෙන්න ඕනේ එකම දේ Docker Engine එක විතරයි.
උදාහරණයක් විදිහට project එක PHP, MySQL වලින් හදපු website එකක් නම් ඔයාට කරන්න තියෙන්නේ PHP image එකකුයි MySQL image එකකුයි Docker hub එකෙන් pull කරගෙන ඔයාගේ code එකත් දාලා ඔයාගෙම Docker container එකක් හදාගන්න එක. ඊට පස්සේ ඔයාට ඒක run කරලා ඔයාගේ website එක up කරගන්න පුළුවන්. ඒ වගේම ඒක image එකක් විදිහට ආපහු Docker hub එකට push කරලා ඔයාගේ production environment එකට pull කරගන්නත් පුළුවන්. එතකොට website එක කලින් විදිහටම එකෙත් run වෙනවා.
මේ වගේ සරල දේවල් වගේම ගොඩක් සංකීර්ණ වැඩත් Docker වලින් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
Docker වල අනිත් ලොකුම advantage තමා අපිට resource manage කරන්න පුලුවන් වීම.අපි tourist web app එකක් කරනවා කියමුකො booking එහෙම තියන.අපිට app එක host කරන්න resource තෝරද්දි ගන්න වෙන්නෙ app එකට එන්න පුලුවන් වැඩිම පිරිස ගැන හිතලා හෝ වැඩිම resource ඉල්ලුම සලකලා.ගොඩක් වෙලාවට මේ සයිට් එකට visitors එන්නෙ season එකේදි.එතකොට season එකේදි app එකේ resources හොඳට පාවිච්චි වෙනවා ඒත් off season එකේදි පාවිච්චි වෙන්නෙ නැති තරම්.මේක ලොකු app එකක් නම් ලොකුවටම බලපානවා.මාස 12ට flat rate එකක් ගෙව්වට ඒ resources පාවිචි වෙලා තියෙන්නෙ මාස කිහිපයක විතරයි.මේ වගේ අවස්තා වලත් docker පාවිච්චි කරලා අපේ වියදම් අඩු කරගන්න පුලුවන් වගේම unlimited space එකක් ගන්නත් පුලුවන්.එතනදි docker container පාවිචි වෙන්නෙ ඒ වෙලාවට අවශ්‍ය ප්‍රමානයට විතරයි.ආයි resources වල ඉල්ලුම වැඩි වෙද්දි docker එකෙන් අලුත් resource දෙනව අඩු වෙද්දි ආයි අඩු වෙනවා.එතකොට app එක කරන අයට ගෙවන්න වෙන්නෙ පාවිච්චි කරපු resources වලට විතරයි.
තව docker වල container කියලා කොටස් වල බෙදලා තියෙන්නෙ.මේ container වල රන් වෙන service වලට තව resources ඕන උනාම තමන්ගෙ ලඟ පාත container වල resource අඩුවෙන් ගන්න service තියන container වල resources වැඩියෙන් ඕන service run කරන්නත් පුලුවන්
--Writer--
Hirun dananjaya
HNDIT 2018- Naiwala ATI
Comments
Post a Comment