Quantum Computing සිංහලෙන්
Quantum Computing
------------------------------ ------
ක්වන්ටම් පරිගණකය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍ය ජාතික David Deutsch නැමැති භෞතික විද්‍යාඥයා ය. සාම්ප්‍රදායිකව පරිගණකය තුළ දත්ත ලිවීම හා ගණනය කිරීම් සිදුවන්නේ 0 සහ 1 යන binary අගයන් යොදාගෙනය. නමුත් මෙම Quantum පරිගණක තුළ මේවාට අමතරව Quantum bits (qubits) භාවිතා කරයි. තවද මෙම Quantum පරිගණක සාමන්‍ය පරිගණක වලට වඩා මිලියන ගුණයකින් බලසම්පන්නය.
Quantum පරිගණක නිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවේ, එයට විශාල ධනස්කන්දයක් මෙන්ම විශාල බුද්ධි පරිශ්‍රමයක් අවශ්‍ය වේ.
සාර්ථකව Quantum පරිගණකයක් නිරමාණය කිරීම තුළින් දැනට පවතින බොහෝ සංකීර්ණ ගැටලු සඳහා විසඳුම් සෙවිය හැක.
ක්ෂුද්‍ර පරමාණුව යම් කාලයක් තුළ වෙනස් වීම් විශාල ප්‍රමාණයකට භාජනය වේ. මෙම ස්වභාවය පදනම් කරගෙන Quantum පරිගණක සඳහා මඟ පාදා ගනී. ඉතා කුඩා පරමාණුක අංශු ඉතා වේගවත්ව හා අවම බලශක්තියක් භාවිත කිරිම මෙහි ඇති වාසියකි.
සාමන්‍ය පරිගණකයකදී 0,1 යොදා ගැනීමට වඩා Quantum පරිගණක වලදී qubit යොදා ගැනීම මඟින් ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩාකරගත හැකිය.
පරිගණකයක දත්ත ගබඩාකිරීම සිදුවන්නේ කුඩා ට්‍රාන්සිස්ටර තුළ ය. ඕනෑම ට්‍රාන්සිස්ටරයක දත්ත bit එකක් ගබඩා කළ හැක. ට්‍රාන්සිස්ටරය සක්‍රිය නම් එහි “1” ද, අක්‍රිය නම් එහි “0” ද ගබඩා වී ඇත. නමුත් Deutsch යෝජනා කළ යන්ත්‍රයේ දත්ත ගබඩා වන්නේ ක්වන්ටම් ක්‍රමවේදයකට අනුවය, හෙවත් qubit ලෙසය. ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන Super Position මූලධර්මයට පින් සිදුවන්නට, මෙම qubit එකක් තුළ “0”ක් සහ “1”ක් එකවිටම ගබඩා කොට තැබිය හැකිය. ඒ අයුරින් qubit දෙකකට අගයන් හතරක් එකවර රඳවාගත හැක (00, 01, 10 සහ 11). තව තවත් qubit එක්කිරීම මගින්, සෛද්ධාන්තිකව, ඔබට සාම්ප්‍රදායික පරිගණක වලට වඩා බලය වැඩි යන්ත්‍ර නිර්මාණය කළ හැකිය.
වර්තමානයේදී IBM සමාගම හා Google සමාගම මෙම Quantum පරිගණක නිපදවීම සඳහා දැවැන්ත තරඟයක යෙදී සිටී.
Silicon Valley ප්‍රදේශයේ ඇති NASA ආයතනයට අයත් පර්යේෂණාගාරයක, Google සමාගම ක්වන්ටම් පරිගණකයක් අත්හදාබලමින් සිටී. මෙය D-Wave ලෙස හඳුන්වයි. 2007 වර්ෂයේදී, බිට්-16 ක්වන්ටම් පරිගණකයකැයි හැඳින්වූ යන්ත්‍රයක් වෙළඳපොළට හඳුන්වා දුනි. නවතම D-Wave 2Xහි පරිපථ 1000ක් පමණ ඇත. යන්ත්‍රය තුළදී මෙම පරිපථ නිරපේක්‍ෂ ශුන්‍යයට ඉතා ආසන්න උෂ්ණත්වයක් දක්වා සිසිල් කෙරේ. එම උෂ්ණත්වයේදී, පරිපථ ක්වන්ටම් අවස්ථාවකට පත්වන අතර එවිට පරිපථ හරහා දක්‍ෂිණාවර්තව සහ වාමාවර්තව එකම අවස්ථාවක විදුලිය ගමන් කරයි. එවිට යන්ත්‍රය මෙම qubit මගින් යම් යම් ගණනය කිරීම් සිදුකිරීමට විවිධාකාර Algorithms භාවිතා කරයි. මූලිකවම, මෙම Algorithm අදාළ ගණනය කිරීම් සම්පූර්ණ කරන්නේ, පද්ධතිය එහි පරිපථ වල උෂ්ණත්වය කෙමෙන් ඉහළ නංවද්දී කිසියම් අවස්ථාවකදී යම් පරිපථ ප්‍රමාණයක් එක් අගයක් ලබාගැනීමේ සම්භාවිතාව තීරණය කිරීමෙනි.
(src-wired magazine)
--WRITER -
Waaaaw
ReplyDelete